අපගේ ප්‍රධාන කාර්යයන්

COUNCIL SECRETARIAT

SABARAGAMUWA PROVINCIAL COUNCIL

 

ප්‍රධාන කාර්යයන්

  • පලාත් සභා රැස්වීම් සංවිධානය කිරීම, රැස්විම්වලදී සභාව තුල සිදුවන විවාදයන් සහ රැස්වීම් සම්බන්ධ සියලු කටයුතු හැන්සාඩ් වාර්තා මගින් ලේඛණ ගත කිරීම.
  • කාරක සභා රැස්වීම් සංවිධානය කිරීම, වාර්තා සැකසීම හා අදාල අංශවලට ලබා දීම.
    ගිණුම් කාරක සභාව
    මහජන පෙත්සම් කාරක සභාව
    වැඩකටයුතු කාරක සභාව
    අමාත්‍යංශ උපදේශක කාරක සභාව
  • ගිණුම් කාරක සභා රැස්විම් සංවිධානය කිරීම, වාර්තා තැබීම හා වාර්ෂික අවසන් ගිණුම් කාරක සභා වාර්තා සභාගත කිරීම.
  • ලැබෙන මහජන පෙත්සම් සඳහා වාර්තා කැඳවීම,පෙත්සම් කාරක සභා සංවිධානය කිරීම, පෙත්සම් විමර්ශනය කිරීම හා අදාල පාර්ශවයන්ට එම තීරණ දැනුම් දීම.
  • ප්‍රඥප්ති සභා සම්මත කිරීමට අදාල කටයුතු.
  • ධුරධාරීන්ගේ හා මන්ත්‍රිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය පත් කිරීම, සේවය අවසන් කිරීම, අර්ථ සාධක ක්‍රමයට අදාල ආයතනික කටයුතු ඉටු කිරීම.
  • නිම කරන ලද සභා වාර්තා සහ හැන්සාඩ් වාර්තා කාලක්‍රමාණුකූල ගතව සැකසීම හා ගරු පළාත් සභා මන්ත්‍රීවරුන් , ගරු ආණ්ඩුකාරතුමා ,සභා ලේකම් , ප්‍රධාන ලේකම් හා නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් , පළාත් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් , පලාත් පාලන ආයතන සහ වෙනත් පළාත් සභා වෙත බෙදා හැරීම.
  • පළාත් සභා රැස්වීම් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වලින් පටිගත කර සංස්කරණය කිරීම.
  • සභා වාර්තා විවාද නිල වාර්තා සකස් කර අවශ්‍ය අවස්ථාවන්හීදී බෙදා හැරිම.
  • සභා ලේකම් කාර්යමණ්ඩලයට , පළාත් සභා‍වේ ධූරධාරීන්ට හා ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල වලට වැටුප් හා දීමනා ඇතුළු සියලු ගෙවීම් කිරීම.
  • පළාත් මූල්‍ය රීතිවලට ගිණුම් තැබීම හා වාර්තා නියමිත දිනයන්ට පෙර අදාල ආයතන වෙත යැවිම.
  • කාර්යාලයේ විනය හා සාමාන්‍ය පරිපාලන කටයුතු පවත්වාගෙන යාම.
  • සභා ලේකම් කාර්ය මණ්ඩලය සදහා අවශ්‍ය මානව සම්පත් සපුරා ගැනීම, එම කාර්ය මණ්ඩලවල බඳවා ගැනීම, උසස් කිරීම හා විශ්‍රාම ගැන්වීම ඇතුළු සියලුම ආයතනික කටයුතු ඉටු කිරීම.
  • ආයතනයට අවශ්‍ය භෞතික සම්පත් සපුරා ගැනීම හා මානව සම්පත් සංවර්ධනය කිරීම.
  • වාර්ෂික ඇස්තමේන්තු සකස් කිරීම.
  • වාර්ෂික විසර්ජන ගිණුම හා අත්තිකාරම් ගිණුම සකස් කිරීම.
  • ලේඛන සංරක්ෂණය හා පුස්තකාල පවත්වාගෙන යාම.
  • විගණන විමසුම් සදහා පිළිතුරු සැපයීම.